Advertisment

Advertise With Us

පසුගිය පුවත්

පසුගිය පුවත්

පසුගිය පුවත්

Related Posts Plugin for WordPress, Blogger...

Hot News

Advertisements

Advertise With Us

Political

Advertisements

Advertise With Us

Face Book Page

ක්‍රීඩා පුවත්

Ads Inside Post

Search This Blog

Connect With us

Thursday, April 16, 2020

එන සතියේ ඇදිරි නීතිය ඉවත් කර රාජකාරි යලි අරඹන්න ජනපති සෞඛ්‍ය බලධාරීන්ගේ නිර්දේශ කැදවයි..


රී ලංකාව පුරා පනවා ඇති ඇදිරි නීතිය ලිහිල් කිරීම සහ ආයතනවල රාජකාරි ආරම්භ කිරීම සම්බන්ධයෙන් නිර්දේශ හා මාර්ගෝපදේශ ලබා දෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සෞඛ්‍ය බලධාරීන් වෙත දැනුම්දී තිබේ.

ඒ අනුව ඔවුන්ගේ විද්‍යානුකූල නිර්දේශයක් මත දැනට පනවා ඇති ඇදිරි නීතිය ලිහිල් කිරීමට නැවත රටතුල ආයතන සක‍්‍රිය කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිතුමන් විසින් තීන්දුව ගනු ඇතැයි සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කළාය.

රටේ ජන ජීවිතය පවත්වාගෙන යාම, ආර්ථිකය රැක ගැනීමට මෙන්ම කොරෝනා වසංගතයෙන් රට ආරක්ෂා කරගැනීම එකසේ වැදගත් බැවින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සෞඛ්‍ය බලධාරීන්ගේ නිර්දේශය ඉතා සැලකිල්ලෙන් සලකමින් එම තීන්දුව එළඹෙන සතිය පමණ වන විට ගනු ඇතැයි ද ඇය පැවසුවාය.

තාවකාලිකව ඇඳිරි නීතිය ඉවත් කළ ප්‍රදේශවල ආරක්ෂක උපදෙස් පිළි නොපදින පිරිස් ආපසු නිවෙස් වෙත හරවා යවයි


කොළඹ, ගම්පහ, කලූතර, පුත්තලම, මහනුවර සහ යාපනය යන දිස්ති‍්‍රක්ක හැර සෙසු දිස්ති‍්‍රක්කවලට පනවා ඇති ඇඳිරි නීතිය අද (16) පෙරවරු 06.00 ට තාවකාලිකව ඉවත් කෙරුණා.

එම දිස්ති‍්‍රක්කවලට අද පස්වරු 04.00 ට යළි ඇඳිරි නීතිය පැනවෙන අතර එය ලබන 20 වැනිදා පෙරවරු 06.00 දක්වා කි‍්‍රයාත්මක බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.

ඉන්පසුව ඇඳිරි නීතිය පැනවීම පිළිබඳ 20 වැනිදා පෙරවරු 06.00 න් පසු දැනුම් දෙන බව ද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

මේ අතර කොරෝනා වෛරසය ව්‍යාප්තියේ අධි අවදානම් කලාප ලෙස හඳුනාගෙන ඇති කොළඹ, ගම්පහ, කලූතර, පුත්තලම, මහනුවර සහ යාපනය යන දිස්ති‍්‍රක්කවලට පනවා ඇති ඇඳීරි නීතිය නැවත දැනුම්දෙන තුරු අඛණ්ඩව කි‍්‍රයාත්මකයි.

අද දිනයේ තාවකාලිකව ඇඳිරි නීතිය ඉවත් කෙරෙන දිස්ති‍්‍රක්කවල භාණ්ඩ මිලදී ගැනීම් අත්‍යවශ්‍ය ද්‍රව්‍යවලට පමණක් සීමා කරන ලෙසත්, අනවශ්‍ය ගමන්බිමන්වලින් වළකින ලෙසත් ආරක්ෂක අංශ ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. එමෙන්ම නගරවලට පැමිණීමේදී නිවසින් එක් අයෙකු පමණක් පැමිණෙන ලෙසයි පොලීසිය මෙහිදී ඉල්ලීමක් කළේ.

මුඛ ආවරණ නොපැළඳ පැමිණෙන පුද්ගලයින් නිවෙස් වෙත ආපසු හරවා යැවීමට කටයුතු කරන බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක, පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න ප‍්‍රකාශ කළේ.

ඇඳිරි නීතිය තාවකාලිකව ඉවත් කෙරෙන කාලසීමාවේදී මාර්ගවල නිකරුණේ ගැවසෙන පුද්ගලයින්ට එරෙහිව නීතිය දැඩිව කි‍්‍රයාත්මක කරන බව ද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක, පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න වැඩිදුරටත් ප‍්‍රකාශ කළා.

Wednesday, April 15, 2020

නව කොරෝනා වෛරස් විශේෂ 06ක් මියන්මාරයේ වවුලන් ගෙන් සොයා ගැනේ


මියන්මාරයේ වෙසෙන වවුලන් ගෙන් නව කොරෝනා වෛරස් විශේෂ 06ක් සොයා ගැනීමට විද්‍යාඥයින් සමත්ව තිබෙනවා.

මෙම නව වෛරසයන් කොවිඩ් -19 ඇතිවූ SARS-CoV2 වෛරස් පවුලට අයත් වුවත් එය වර්ථමානයේ ලොවපුරා ව්‍යාප්ත වෙමින් පවතින කොරෝනා වෛරසයට ජානමය වශයෙන් සම්බන්ධ නොවන බවයි විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ.

අලුතින් අනාවරණය වූ වෛරසයන් 06 වව්ලන් විශේෂ තුනකින් සොයා ගැනීමට විද්‍යාඥයින් සමත්ව ඇත.

මෙලෙස අලුතින් අනාවරණය කර ගනු ලැබූ වෛරසයන් අනෙක් සතුන් හරහා සම්ප්‍රේෂණය වීමේ හැකියාවක් තිබෙනවාද යන්න ගැනත් ඉන් මිනිසුන්ට ඇතිවිය හැකි අවධානම සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ සිදුකිරීම අත්‍යාවශ්‍යව ඇති බවයි ඔවුන් සඳහන් කර සිටින්නේ.

කොවිඩ් -19 වෛරසය පළමුව චීනයේ වුහාන් නගරයෙන් වාර්තා විය.

කොවිඩ් වෛරසයේ ව්‍යාප්තිය සමග ඉදිරියේදී වවුලන් ගෙන් ඇතිවිය හැකි වෛරසයන් සම්බන්ධයෙන් හඳුනා ගැනීම, මහජන සෞඛ්‍යට තර්ජනයක් විය හැකි බෝවන රෝග හඳුනා ගැනීම සහ ඒවා වැළැක්වීම සහ ඒ සම්බන්ධයෙන් සුදානම්විම සම්බන්ධයෙන් Smithnsonian‘s ගෝලීය සෞඛ්‍ය වැඩසටහන විසින් මෙම පර්යේෂණය මෙහෙයවා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.

බංග්ලාදේශය සහ ඉන්දියාවට මායිම්ව පිහිටි අග්නිදිග ආසියානු රටක් වන මැලේසියාවේ වෙසෙන වවුලන් විශේෂ 11 කින් මෙම පර්යේෂණ කණ්ඩායම සාම්පල් එකතු කර ඇත.

2016 වර්ෂයේ මැයි මාසයේ සිට 2018 අගෝස්තු මාසය දක්වා කාලය අතර තුරේදී සාම්පල් 750 ක් එකතු කර ගෙන ඇත.

එම සාම්පල් මීට පෙර වාර්තා වී ඇති වෛරස් සමග සසඳන විට මෙලෙස නව වෛරස් විශේෂ 06ක් සොයා ගැනීමට විශේෂඥයින් සමත්ව ඇත්තේ.

මෙලෙස හඳුනා ගන්නා ලද වෛරස් වර්ග 06 සඳහා විද්‍යාඥයින් විසින් නම් ලබාදී ඇති බවයි LiveScience සඟරාව සඳහන් කරන්නේ.

ඒ අනුව PREDICT-CoV-90, PREDICT-CoV-47, PREDICT-CoV-82 සහ 92, 93,96 යනුවෙන් එම වෛරස් විශේෂ 06 සඳහා නම් තබා ඇත.

ඇතැම් වවුලන් ගෙන් ඇතිවන වෛරසයන් මිනිසුන්ට හානිකර නොවුනත් වසංගත තත්ත්වයක් ඇතිවීම වලක්වා ගැනීම සඳහා සුපරීක්ෂාකාරීවීම, පර්යේෂණ සහ අධ්‍යයනය කිරීම ඉතා වැදගත් බවයි Smithsonain’s ගෝලීය සෞඛ්‍ය වැඩසටහනේ අධ්‍යක්ෂක Suzan Murray සඳහන් කර සිටියේ.

Tuesday, April 14, 2020

පාස්කු ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් රිෂාඩ් බදියුදීන්ගේ සොහොයුරා අත්අඩංගුවට


පාස්කු ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධව හිටපු අමාත්‍ය රිෂාඩ්  බදියුදීන්ගේ සොහොයුරා රියාද් බදියුදීන් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පුත්තලම ප්‍රදේශයේදී සිදු කළ වැටලීමකදීය.

පාස්කු ඉරුදින ප්‍රහාරයට අදාළව සිදු කළ විමර්ශනයකට අනුව හිටපු අමාත්‍යවරයාගේ සොහොයුරා අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න ප්‍රකාශ

Saturday, January 11, 2020

රන්ජන්ගේ හඬපට නිසා නායකත්ව සටන අතහැර සජිත් පිල ගවු ගාණක් පසුබසී


එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ හඬ පට විශාල වශයෙන් නිකුත් වීම හේතුවෙන් පක්ෂයේ නායකත්ව බලය ඇල්ලීම සඳහා වූ සජිත් ප්‍රේමදාස මහතාගේ පාර්ශ්වය සටන පසුබා ඇතිබව වාර්තාවේ.

මීට හේතුව වී ඇත්තේ එම පිලේ ලෙස පෙනී සිටින බොහෝ මන්ත්‍රීවරුන් රාමනායක මහතා සමඟ වන දුරකථන සංවාදවල දී සජිත් ප්‍රේමදාස මහතාට ඉතා පහත් මට්ටමින් විවේචනය කිරීමයි.

මේ තත්ත්වය මත ඔවුන් අතර දැඩි අවිශ්වාසයක් ගොඩනැගී ඇති අතර 2025 වසර තෙක් රනිල් වික්‍රමසිංහ මහතා නායකත්වය කටයුතු කටයුතු කරනු ඇති බව එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි කියා සිටියි.

රන්ජන් - හදුන්නෙත්ති හඬ පටයක් එලියට


එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා සහ ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා අතර සිදුවූ දුරකතන සංවාදයක හඬපටයක් සමාජ ජාලයන්හි සංසරණය වෙයි.


රන්ජන් - පියුමි තවත් හඬ පටයක් පිටවේ


එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා සහ නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලි අතර සිදුවන තවත් දුරකථන සංවාදයක හඬපටයක් සමාජ ජාල වෙත මුදාහැර ඇත.

සහෝදර නළු නිළියන් ගණනාවකගේ රහස් තොරතුරු ඇය විසින් රාමනායක මන්ත්‍රීවරයා විසින් පවසන අතර ඒඩ්ස් ඇතුළු සමාජ රෝග වැළඳුණු නළු නිළියන් කිහිප දෙනෙකු ගැන ද අදහස් එහිදී ඇය හෙලි කරයි.


Sri Lanka gossip, Sri Lanka Sinhala gossip ______________________________________________________________
© 2016 Lanka E Gossip9 Email : Lankaegossip7@gmail.com
Advertising - Contact ankaegossip7@gmail.com Editor - Lankaegossip7@gmail.com Contact Here Help Desk : Lankaegossip7@gmail.com
All the content on this website is copyright 2016 protected.
_______________________________________________________________________________________
www.lankaegossip9.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

ගොසිප් පුවත්

Adverisment

Advertise With Us

දේශීය පුවත්

Advertisements

Advertise With Us

Gossip Stats

Advertisement

Advertise With Us

Popular Posts